January 2014 ~ DRAGON WORLD (මකර විජිතය)

Wellcome To

Dragon World

Proxy හරහා තහනම් අඩවි වෙත

proxy අඩවියක් හරහා Anonymous ආකාරයෙන් ශ්‍රී ලාංකික අපට තහනම් කරපු විව්ධ අඩවි වෙත යන විදිහ

Adobe CS6 Master Collection

Adobe CS6 Master Collection + Original Master From Adobe Site

Download CorelDRAW X6 Full Version

Corel Corporation's re-release of its newest product, CorelDRAWX6 which is an improvement from previous versions namely Corel DRAW X5.

මොනවටද මේ IP Address කියන්නේ

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග)

How to Download Adobe Muster Collection

ඔන්න යහලුවනේ මම අද ඔයාලට Adobe Muster Collection CS6 Adobe Main Site.

CorelDRAW Graphics Suite X5 Full Version

Corel DRAW Graphics Suite X5 is a versatiledesign graphics software suite that helps youexpress creative and professional ideas forany media.

Movies Plaza

Free Download Direct Action,Animation,Comedy, TV Series ,Etc Movies....

Saturday, January 4, 2014

What is The Difference between Windows 32-bit and 64-bit?

32bit සහ 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ඇති වෙනස.


වැඩි දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි වින්ඩෝස් වල 32bit සහ 64bit සංස්කරණයන් අතර තිබෙන වෙනස කුමක්ද යන ප්‍රශ්නය. මෙහිදී අප බලාපොරොත්තු වෙනවා ඔබට ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට. 

අද වන විට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග දෙකක් තිබෙනවා. සමහරක් පරිගණක වල 32bit මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වෙන අතර  අනෙකුත් ඒවා වල 64bit මෙහෙයම් පද්දති ක්‍රියාත්මක වෙනවා. මේවා අතර  තිබෙන වෙනස වෙන්නේ පරිගනකයේ සකසනයට  (CPU) නිශ්චිත  මොහොතක් තුල හැසිරවිය හැකි තොරතුරු ප්‍රමාණය අතර ඇති වෙනසයි. මෙවැනි ආකාරයේ මෙහෙයුම් පද්දති සඳහා පරිගණක නිර්මාණය කරන විට එම පරිගණක වලට අවශ්‍ය වෙනවා අතිමහත් වූ ගණනය කිරීමේ බලයක්. ඒ වගේම තමයි එම මෙහෙයුම පද්දති සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමේදී මුලික වශයෙන් වෙනස්කම් කිහිපයක් කල යුතු වෙනවා. 

"bit"  කියන වචනය මගින්  අර්ථ දක්වන්නේ පරිගනකය "binary" කියන ක්‍රමය මගින් තොරතුරුත් සමග ගනුදෙනු කරන ආකාරයයි. "binary" ක්‍රමයට පරිගනකය තුල තොරතුරු ලැයිස්තුගත කර තිබෙන්නේ 0 , 1 කියන සංඛ්‍යාත්මක ක්‍රමයට. එම හැම සංඛ්යාවක්ම එක bit එකක් ලෙස හඳුන්වනවා. එම නිසා 32bit සකසනයක් ( CPU) ඇති පරිගණකයකට හැකියාව තිබෙන්නේ එකවරකට සංඛ්‍යා 32ක් ( 32 digits ) සැකසීමට  පමණයි. ඒවගේම 64bit සකසනයකට  ( CPU) හැකියාව තිබෙනවා එක වරකට සංඛ්‍යා 64ක් ( 32 digits ) සැකසීමට. දැන් ඔබට තේරෙනවා ඇති මේ අතරින් වඩාත් වේගවත් සකසනය වෙන්නේ කුමක්ද කියා. 



වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් ඇතුලත්ව පරිගනකයේ 32bit සකසනයට ( CPU ) වඩාත් ගැලපෙන ආකාරයට තමයි මෘදුකාංග නිර්මාණය කල යුතු වෙන්නේ. එම ක්‍රමයටම තමයි 64bit පරිගණක සඳහාත් මෘදුකාංග නිර්මාණය කරන්නේ. මයික්‍රොසොෆ්ට් සමගම විසින් windows xp, vista යන මෙහෙයුම් පද්දති දෙක සඳහාම 32bit සහ 64bit යනුවෙන් සංස්කරණයන් දෙකක් හඳුන්වා දෙනු ලැබුවා. වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දති සඳහාත් එලෙසමයි. 

32bit සකසනයකට වැඩකිරීමට හැකියාව තිබෙන්නේ 4GB RAM මතකයක් සමග පමණයි. ඒවගේම තමයි එම මතකය සාමාන්‍යයෙන් ඕනෑම වැඩසටහනක් සඳහා 2GB ලෙස සීමා කර තිබෙනවා. නමුත් න්‍යායානුකුලව නම් 64 bit සකසනයකට පුළුවන් වෙනවා බිලියන 17GB වැනි මතකයක් සමග උනත් වැඩකිරීමට. ඒවගේම තමයි එක වර වැඩ දෙකක් වුනත් ක්ෂණිකව කරගෙන යෑමට හැකියාව තිබෙනවා. 

32bit සකසනයක මෙවැනි මතක සීමාවක් පැහැදිලිවම පෙන්වීමට පටන් ගනු ලැබුවේ vista මෙහෙයුම් පද්දතියෙදීයි. වැඩි මතකයක් භාවිතා කරනු ලැබුවද ඇත්තටම අපහසු වෙනවා එක වර වැඩසටහන් දෙකක් ධාවනය කිරීමට 4GB වත් තරම් මතකයක් පරිගනකයේ නොමැතිනම්. යම් වැඩසටහනක්  ධාවනය කිරීමට 2GB වලට වඩා මතකයක් අවශ්‍ය වෙනවානම් කිසිසේත් එම වැඩසටහන මෙහිදී ධාවනය කිරීමට නොහැකි වෙනවා. අද වන විට පැමිණෙන සමහර නවීන වීඩියෝ ක්‍රීඩාවන් ධාවනය කිරීමටනම් 2GB වලට වඩා RAM මතකයක් අවශ්‍ය වෙනවා. අන්න එම හේතුව නිසා පරිගණක පරිශීලකයින් අතර 64bit සකසන අතිශයින් ජනප්‍රියත්වයට පත් වුවා. ඒවගේම ඒ සඳහා ගැලපෙන 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දතිද මිලදී ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දැක්වුවා. 

විශේෂයෙන්ම වින්ඩෝස්   32bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 64bit සංස්කරණ වලත් ධාවනය කිරීමට හැකියාව තිබෙනවා විශේෂිත වූ ( compatibility mode ) එකක් භාවිතා කරමින්. නමුත් 64bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 32bit සංස්කරණයන් වල ධාවනය කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. 

උපුටා ගැනීමකි: පිවිසෙන්න